සත්ත්ව සංගණන කමිටුව මගින් සිදු කළ සංගණනයේ තොරතුරු සමීක්‍ෂණය කරමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

එමගින් ලැබෙන තොරතුරු මත ඉදිරියේදී යළි සංගණනයක් සිදු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

සිදු කළ සත්ත්ව සංගණනයේ තොරතුරුවලට අනුව සතුන් පිළිබඳ යම් නිගමනයකට එළඹීමට හැකියාවක් පවතින බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ.