කිසිදු දේශපාලන පක්ෂයකට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල කටයුතු ආරම්භ කිරීම සඳහා අදාළ සභික ලැයිස්තු ලබාදීම, දේශපාලන පක්ෂ විසින් ප්‍රමාද කිරීම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කරන බලපෑමක් බව නීතිවේදී මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.

හැකි ඉක්මනින් අදාළ සභික ලැයිස්තු ඉදිරිපත් කිරීම අදාළ දේශපාලන පක්ෂවල වගකීමක් වන බවයි ඔහු පැවසුවේ.

දේශපාලන පක්ෂ මෙම කටයුතු ප්‍රමාද කරන්නේ නම් ජනතාවට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ අයිතියක් පවතින බවයි මහාචාර්ය ප්‍රතිභා හේවා මහතා මෙහිදී පෙන්වා දුන්නේ.