සම්පත් මනම්පේරි නමැත්තාට අයත් බව කියන මෝටර් රථයක් ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ, ඇඹිලිපිටිය නව නගරය ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබියදීයි.
ගරාජයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මීට දින කිහිපයකට පෙර පැමිණි පුද්ගලයෙකු විසින් මෙම මෝටර් රථය සම්පත් මනම්පේරිට ලබාදෙන ලෙස පවසමින් එය එම ස්ථානයේ දමාගොස් ඇති බවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් බව කියන, මිද්දෙණියේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක සඟවා තැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි නමැත්තාට චෝදනා එල්ලවී තිබෙනවා.
පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ද පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබුණා.




