Published
සයිප්‍රසයේ රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
නිරිතදිග සයිප්‍රසයේ වෙරළබඩ නගරයක් වන පැෆොස් සිට කිලෝමීටර් 16ක් ක් පමණ ඊසාන දෙසින් එම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහි අපිකේන්ද්‍රය කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
එරට වේලාවෙන් (12 වනදා) රාත්‍රී 11:31 ට පමණ මෙම භූ කම්පනය හට ගෙන ඇති අතර එය උතුරු ඊශ්‍රායලයේ ජනතාවට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.




