අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහි ගොනු කර තිබෙන නඩුවක් අද කොළඹ මහාධිකරණ හමුවේ විභාගයට ගැනුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 08 වනදා දක්වා කල්තැබුණා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබාගැනීමේදී රජයට පාඩු සිදු කළේ යයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබුණා.