Published
ත්රිකුණාමලය, උතුරු වෙරළ මාර්ගයේදී පිරිසක් විසින් පුද්ගලයෙකුට පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අද උදෑසන මිය ගොස් තිබෙනවා. පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. මිය ගොස් ඇත්තේ 32 හැවිරිදි ක්රිෂ්ණා මාවත, ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවෙක්. සාදයක් අතරතුර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි මේ වන විට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ත්රිකුණාමල පොලීසිය මගින් ක්රියාත්මක කරනු ලබනවා.