Published
සාම සාකච්ඡා පිළිබඳ කතාබහක් මතුවෙමින් ඇති සමයක යළි රුසියාවෙන් යුක්රේනයටත්, යුක්රේනයෙන් රුසියාවටත් ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ යුක්රේනය රාත්‍රියේ ඩ්‍රෝන ප්‍රහාර 249ක් එල්ල කළ බවයි.
මේ අතරතුර රුසියාව විසින් මිසයිල ප්රහාරද ඇතුළුව ගුවන් ප්‍රහාර 486ක් එල්ල කළ බවටයි යුක්රේන හමුදාව පවසන්නේ.
දෙපාර්ශවය මෙලෙස එකිනෙකාට චෝදනා කරමින් සිටින්නේ යුක්රේන සාම සාකච්ඡා සඳහා අමෙරිකානු බලධාරීන් අබුඩාබිහිදී අද රුසියානු නිලධාරීන් හමුවීමට නියමිත පසුබිමකයි.
යුක්රේන බලධාරීන් මේ අතරතුර පවසා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ගිවිසුමක් ඇති කර ගැනීමේ අරමුණින් යුක්රේන ජනාධිපතිවරයා අමෙරිකාවට යාමට නියමිතව සිටින බවයි.




