Published
නත්තල් දිනයේදී වඩා වැදගත් වන්නේ වෙළද උපක්රමවලට හසු නොවී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කිරීම බව කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උස්වැටකෙයියාව සාන්ත මරියා දේවස්ථානයේදී පැවති මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙයට එක්වෙමින් කාදිනල් හිමියන් මෙම අදහස් පළ කළා.
සමාජය යහපත් කිරීම සදහා තණ්හාව නැති කිරීම අවශ්‍ය බඉව ක්‍රිස්තුස් වහන්සේ මෙන්ම බුදුන් වහන්සේද පෙන්වා දි ඇති බව කාදිනල් හිමියන් එහිදී කියා සිටියා.
මේ අතර වතිකානයේදී පැවති ප්‍රධාන නත්තල් දේව මෙහෙයට ලොව පුරා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා.
එම දේව මෙහෙය සදහා ශ්‍රී ලාංකික කිතුණුවන් පිරිසක් ද එක්ව සිටි අතර එහිදී ඔවුන් අදහස් දැක්වුයේ මෙලෙසයි.




