ඓතිහාසික, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අද සාර්ථකව නිමාවට පත් වුණා. ඒ, දහවල් පෙරහැර අද පස්වරුවේ වීථි සංචාරය කිරීමෙන් අනතුරුවයි. ඉන්පසුව පෙරහැර සාර්ථකව නිමවූ බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පෙරහැර සංදේශය භාර දෙනු ලැබුවා. දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, නිළමේවරුන් සහ කලාකරුවන් සමග පෙරහැරකින් මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ එම සංදේශය භාර දුන් බවයි එම ස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ.