සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරු දෙකක් ඉකුත් පැය 24 තුළ කොළඹ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
මේ , ඒ පිළිබඳ වාර්තාවක්.
සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයින්ගේ සිරුරු දෙකක් කොළඹ ප්‍රදේශ දෙකකින් සොයා ගෙන තිබෙනවා.
ග්‍රෑන්ඩ්පාස් සහ දෙහිවල ප්‍රදේශවලින් එම මළ සිරුරු සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ, ඉඟුරුකඩේ හන්දිය අසල ජාඩි ඇළේ තිබී එම එක් මළ සිරුරුක් සොයා ගෙන තිබෙනවා.
මරණකරුගේ අන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර එලෙස මිය ගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 35ත් 40ත් පමණ වයසේ අයෙකු බවයි පොලීසිය පැවසුවේ.
උස අඩි 05යි අඟල් 04ක් පමණ වන එම පුද්ගලයා කළු පැහැති කොට කලිසමකින් හා කළු පැහැති ටී ෂර්ට් එකක් හැඳ සිට තිබෙනවා.
එම පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්දයෙන් ග්‍රැන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මේ අතර සැකකටයුතු ලෙස මියගිය අනෙක් පුද්ගලයාගේ මෘත ශරීරය සොයාගෙන ඇත්තේ දෙහිවල පොලිස් වසමේ සිරිවර්ධන පාරේ නිවසක තිබියදීයි.
එලෙස මියගොස් ඇති පුද්ගලයා 23 හැවිරිදි දෙහිවල ප්‍රදේඔයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය පැවසුවා.
ඔහු ගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරික්‍ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.




