මුහුදු ගොස් යළි ගොඩබිමට පැමිණෙමින් සිටි ධීවරයෙකු සුළඟට හසුවී අතුරුදන් වී තිබෙනවා.

ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය 15 වනදා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් යළි ගොඩබිමට පැමිණෙමින් තිබූ යාත්‍රාවක සිටි ධීවරයෙකු එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

එම ධීවර යාත්‍රාවේ ධීවරයන් 06 දෙනෙකු සිට තිබෙනවා.

අතුරුදන්ව ඇත්තේ දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දුන්නේ. එමෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද සුළං ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පැවසුවේ.