ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීම නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද අවසර ලබා දුන්නා.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින්.
අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු තිබෙන බවට තීන්දු කළ විනිසුරුවරයා ඉන් අනතුරුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.
ඒ අනුව නියෝග කළේ අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා සහ හිටපු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වෙත නොතිසි නිකුත් කරන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.