Published
රුපියල් මිලියන 20කට අධික වටිනාකමකින් යුත් කංසා තොගයක් සිලාවතුර, අරිප්පු ප්රදේශයේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ, නාවික හමුදා නිලධාරින් විසින් සිලාවතුර අරිප්පු ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
එහිදී රුපියල් මිලියන 20කට අධික වටිනාකමකින් යුත් ගංජා කිලෝ 101යි ග්රෑම් 600ක පමණ තොගයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
එම ගංජා තොගය සැකකටයුතු උර 43ක් තුළ අසුරා තිබියදී සොයාගෙන තිබෙනවා. එලෙස සොයා ගැණුනු ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර, පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.