Published
ලෝක උරුමයක් වූ සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සීගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් වූ තරුණියක්.
ඇය තවත් පිරිසක් සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේදී එලෙස කැටපත් පවුරේ කුරුටු ගා ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් තරුණිය දඹුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.




