ලෝක උරුම සීගිරිය අවට පිහිටි හඳුනාගත් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම විධිමත් සැලැස්මකට අනුව ක්‍රියාත්මක කරන බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තුසිත මෙන්ඩිස් මහතා පවසනවා.
රාජ්‍ය ආයතන සහ තවත් පාර්ශව රැසක් සම්බන්ධ කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු කියා සිටියේ.
සීගිරිය අවට ප්‍රදේශයේ එවැනි අනවර ඉදිකිරීම් 124ක් පමණ හඳුනාගෙන ඇති බවයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවද පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවා.
අනවසර ඉදිකිරීම් හේතුවෙන් සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් මතුව ඇති බවට පසුගිය කාල සීමාවේදී විවිධ වාර්තා පළ වුණා.
කෙසේවෙතත් එවැනි අවදානමක් මෙතෙක් මතුව නොමැති බවත් අනවසර ඉදිකිරීම් වැඩි වුවහොත් එවැනි තත්ත්වයක් මතු වීමේ අවදානමක් මතුවිය හැකි බවත් පුරාවිද්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.