Published
අපි කවුරුත් අපේ සම ගැන සැලකිලිමත්.
එහෙත් වසර ගණනාවක සිට අඛණ්ඩව වාර්තා වන සම කැසීමේ දිලීර ආසාදිත ටීනියා නම් චර්ම රෝගය පිළිබඳ ඔබ දැන සිටියාද? මේ පිළිබඳ ඔබ දැනුවත් විය යුත්තේ මේ වන විට මෙම සමේ රෝගය අතිශය බහුල වීම හේතුවෙන්.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා පැවසුවේ මෙම සමේ රෝගය වාර්තා වන ප්රවනතාවය මෙන්ම ශරීරය පුරා පැතිර යාමේ අවදානමක් ද දැන් මතුව ඇති බවයි.
මෙලෙස ටීනියා සමේ රෝගය මෙතරම් පැතිර යාමට බලපා ඇති හේතු මොනවාද?
ස්ටෙරොටිඩ් කාණ්ඩයට අයත් ප්රතිප්රදාහකකාරක අඩංගු අලේපන සහ ඖෂධ වෛද්‍ය අනුමතැයිකින් තොරව භාවිත කිරීම මෙම තත්ත්වයට හේතුව බවයි ශ්‍රී ලංකා ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා පැවසුවේ.
ඔහු මෙම අදහස් පළ කළේ ලෝක සමෙහි සෞඛ්‍ය පිළිබඳ දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදීයි.