සීමාසහිත ලිබර්ටි ප්‍රකාශන පෞද්ගලික සමාගමෙි අධ්‍යක්ෂවරයකු ලෙස තමිලන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාමස්වාමි සිවරාජ් මහතා පත්කර තිබෙනවා.

එම්. ඩී. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත්කළ සුප්‍රකට දවස පුවත්පත් සමූහයේ දමිල මාධ්‍ය පුවත්පත වූ දිනපති පුවත්පතේ කර්තෘවරයා ගුණසේන සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කිරීමෙන් අනතුරුව එවැනි තනතුරකට පත් වූ ප්‍රථම කර්තෘවරයා වන්නේ සිවරාජ් මහතාය.

1995 දී පුහුණු වාර්තාකරැවකු ලෙස වීරකේසරී පුවත්පතට සම්බන්ධ වූ සිවරාජ් මහතා පසුව එමි.ටී.වී. හී නිෂ්පාදකවරයකු ලෙසද පසුව තිනකුරල් පුවත්පතේ උපකර්තෘවරයකු වශයෙන්ද සේවය කර තිබෙනවා.

2009 වර්ශයේදී සුප්‍රකට උදයන් පුවත්පත් සමූහයේ සුඩරෝලි පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත් වූ සිවරාජ් මහතා 2017දී ලිබර්ටි ප්‍රකාශන ආයතනට එක්විය.