Published
වර්තමාන ආණ්ඩුව, ඉකුත් සමයේ ඔවුන්ම දැඩි ලෙස චෝදනාවට ලක් කළ කැසිනෝ තම ආර්ථික ප්‍රතිපත්තිවලට එක්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ සූදු ක්‍රීඩාව සංචාරකයින්ට පමණක් සීමා කළ බවයි. කෙසේවෙතත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ සූදු ක්‍රීඩාව හරහා සිදුවන විවිධ නීති විරෝධී ගණුදෙනු නියාමනය කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි. සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා. මෙහිදී ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්රය සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සිදු කරනු ඇති.