ජපානයේ හටගත් ප්‍රබල භූ කම්පනයෙන් පසු තවදුරටත් පසුකම්පන ඇතිවිය හැකි බවට එරට ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 7යි දශම 5ක්.
භූ කම්පනය ඊයේ රාත්‍රී 11යි 15ට පමණ හටගෙන තිබුණේ ජපානයේ හොංෂු දූපතේ උතුරු කෙළවරේ පිහිටි අමෝරි වෙරළට කිලෝමීටර් 80ක් දුරින්.
ඉන් ජපානයට සුනාමි තත්ත්වයක්ද ඇති වුණා.
හටගත් සුනාමි රළෙහි උස සෙන්ටමීටර් 70ක්.
එමගින් සිදුවූ හානි තවදුරටත් තක්සේරු කරමින් සිටින බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.
හානිය තක්සේරු කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක්ද පිහිටුවා තිබෙනවා.
නිවාස 800කට විදුලි බලය අහිමි වී ඇති අතර දුම්රිය ගමනාගමනයද තාවකාලිකව අත්හිටුවීමටයි කටයුතු කර තිබුණේ.
අමෝරිහි න්‍යෂ්ඨික බලාගාරයක් පිහිටා ඇතත් මෙමගින් ඊඨ කිසිදු ගැටලුවක් සිදුව නොමැති බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.
එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ ඇති වූ ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ජනතාවගේ ජීවිතවලට මුල් තැන දෙමින් කළ හැකි සියලු දේ සිදු කරන බවට අගමැතිනි සානේ ටකයිව් පොරොන්දුවක්ද ලබා දී තිබෙනවා.




