Published
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ නව කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරි නිමල් කොටවලගෙදර මහතා පත් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ එම නව පත්කිරීම සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.
නිමල් කොටවලගෙදර මහතා සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේදී අද සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.
ඔහු සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ රාජකාරි කටයුතු ආරම්භ කළ හතරවන කොමසාරිස්වරයා වනවා.




