සූරියවැව, වැවේගම ප්රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා එම ප්රදේශයේ වාඩියකට අද අලුයම ගොස ඇති බවයි. එහිදි එම වාඩියේ සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර ඇති බවයි පොලීසිය පැවසුවේ. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ ප්රතිප්රහාර හමුවේ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී එම සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි හුවමාරුවේදී තුවාල ලැබී STF නිලධාරියෙකු ද සූරියවැව රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ අදාළ ස්ථානයේ සැකකරුවන් දෙදෙනෙකු රැඳීසිට ඇති අතර වෙඩි හුවමාරුව අතරතුර එක් සැකකරුවෙකු පලාගොස් තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෝසල නමැති පුද්ගලයෙකු බවයි සූරියවැව පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
Published