ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, එළඹෙන 24 වනදා දක්වායි.

52 හැවිරිදි මෙම කාන්තාව පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.