විගණන විමසුමක් පදනම් කර ගෙන සේවයෙන් නෙරපා හරින ලද අනුරාධපුර කලුවිල සේන මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති නිමල් ජයවික්‍රම මහතා යළි එම විද්‍යාලයේම සේවයේ පිහිටුවන ලෙසට මහාධිකරණය නියෝග කර තිබෙනවා.

තමා සේවයෙන් නෙරපා හැරීම අභියෝගයට ලක් කරමින් එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම විදුහල්පතිවරයා පෙත්සමක් ගොනුකර තිබුණා.

එය විභාග කල අනුරාධපුර පූර්වාගාමි මහාධිකරණ විනිසුරු සහ මොනරාගල වත්මන් මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් හේවාවසම් මහතා පෙත්සම්කාර විදුහල්පතිවරයා සේවයයෙන් නෙරපා හැරීම නීතියට පටහැනි බවට තීන්දු තීන්දු කළා.

ඒ අනුව පෙත්සම්කාර විදුහල්පතිවරයා ඔහු පෙර සේවය විද්‍යාලයේම යළි විදුහල්පති තනතුරේ සේවයේ පිහිටුවන ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කල මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කාර විදුහල්පතිවරයා වැඩ තහනම් කර සිටි දිනයේ සිට ඔහුට සිය`එ හිඟ වැටුප් ගෙවන ලෙසටද නියෝග කරනු ලැබුවා.

එමෙන්ම කිසිඳු බාධාවකින් තොරව රාජකාරි කර ගෙන යාමට පෙත්සම්කාර විදුහල්පතිවරයාට ඉඩ සලසන ලෙසටත් ඔහුට කිසිදු බධාවක් ඇති නොකරන ලෙසටත් නියෝග කර තිබෙනවා.

පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා සඳහන් කළේ පෙත්සම්කරු සේවය කරමින් සිටි කලුවිල සේන මහ විද්‍යාලයේ පරිපාලන කටයුතුවලට අදාළව පවත්වා ඇති පරික්ෂණකට සබැඳි විගණන වාර්තාවක් පදනම් කර ගෙන පළමු වගඋත්තරකාර උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පෙත්සම්කරු සේවයෙන් නෙරපා හැර ඇති බවයි.

විගණන වාර්තාවක් නොමැතිව විගණන විමසුමක් පමණක් පදනම් කර ගෙන රාජ්‍ය සේවකයෙකු සේවයෙන් නෙරපා හැරීමට කිසිදු නීතිමය හැකියාවක් නැති බවද එහිදී නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව විගණන විමසුමක් පදනම් කර ගෙන පෙත්සම්කාර විදුහල්පතිවරයා සේවයෙන් නෙරපා හැරීම මු`එමනින්ම නීතියට පටහැනි බවද ඔහු කියා සිටියා.

fමි තුලින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා දේශපාලන බලපෑම් මත ද්වේශ සහගතව රාජකාරි කර ස්වකීය තනතුරට අවැසි බලය අබිබවා යමින් අනීතිකව කටයුතු කර ඇති බවටද චෝදනා කළා.

පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු වන පෙත්සම්කරු සේවයෙන් නෙරපා හරිමින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය නීතියට පටහැනි බවට තීන්දු කර පෙත්සම්කරු යළි සේවයේ පිහිටුවන ලෙසට පළමු වගඋත්තරකාර උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කරන්නැයිද නීතිඥවරයා ඉල්ලා සිටියා.