රට තුළ කිසිදු ඉන්සියුලින් හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සති තුනකට ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රට තුළ පවතින බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ රට තුළ ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ පැවති ගැටලු සැලකිය යුතු මට්ටමකින් නිරාකරණය කිරීමට හැකි වී ඇති බවයි.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07ක් ලබා දී තිබෙනවා.

එම ඩබල් කැබ් රථයක මිල රුපියල් මිලියන 22ක්.