කතාබහට ලක්ව ඇති යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ සෞන්දර්ය සහ ඉතිහාස විෂයන් සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද අදහස් පළ කළා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම විෂයන් තවදුරටත් පාසල් විෂය මාලාවේ ඇතුළත් විය යුතු බවයි.
රටේ මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙන මාතෘකා අතරින් ඉහළින්ම තියෙන මාතෘකාවක් තමයි යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන.
එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යාංශය දැන් ආරම්භ කරල තියෙන්නේ.
ඒත්, එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන බොහෝ පාර්ශවවලින් එල්ල වන්නේ දැඩි විරෝධයක්.
ඒ, ඉතිහාසය සහ සෞන්දර්ශය විෂයන්ද පාදක කර ගනිමින්. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ ඉතිහාස විෂය අනිවාර්ය විෂයක් බවට පත් කළ යුතු බවයි.
කෙසේවෙතත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය දැක්වූයේ මෙවන් අදහසක්.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් මෙලෙස පැහැදිලි කළා.