මේ දිනවල එක්වරම හදිසියේ ඇතිවන තද වැසි දැකගත හැකියි. හදිසියේ මෙහෙම වහින්නේ ඇයි? මේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.

දිවයිනේ සුළඟේ වේගය ද වැඩිවිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. තවත් කොපමණ කලක් වැසි පවතීද? මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 01.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.