Published
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හරක් කටා ඝාතනය කිරීමේ සැලසුම අනුව කැමරාවක් තුළ මිලි මීටර් 3යි දශම 8 වර්ගයේ ගිනි අවියක් සවිකළ පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පොල, දොඹවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මාධ්‍යවේදියෙකු ලෙස පැමිණ හරක් කටා ඝාතනය කිරීමට සැලසුම් කළ පහත්බිම් හා ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුවේ රියදුරෙකු ද පොලිසිය මගින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබුණා. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.