නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි හාරලක්ෂ දසදහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික සහ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
එලෙස අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ගුවන් මගියා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඉන්දීය ගුවන් මගියා 23 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ සගවා තිබූ විදේශිය දුම්වැටි 69,400ක් අඩංගු දුම්වැටි කාටූන් 347ක් සොයාගෙන ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකාර ගුවන් මගීන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් හෙට දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Published