ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

එම සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මෙහිදී අදහස් දැක්වූවා.