Published
හික්කඩුව, මලවැන්න ප්රදේශයේදී අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටී පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර ගනිමින් අද පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ,
කෙසේවෙතත් ඉන් එක් පුද්ගලයෙකු පමණක් තුවාල ලබා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා
එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති එහිදි වෙඩිතැබීම සඳහා යොදා ගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා
කෙසේවෙතත් වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු මේ වන තෙක් අත්අඩංගුවට නොමැති බවයි පොලීසිය පැවසුවේ




