හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්දව මේ වන විට කොමිශන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළවයි.

ඒ අනුව ඔහුගේ නිවසක සේවිකාවක වශයෙන් කටයුතු කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.