ඊසානදිග නේපාලයේ හිමාල කඳු මුදුනකට බලපෑ හිම කුණාටුවක් හේතුවෙන් විදේශිකයින් ඇතුළු 07 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ අතරින් 05 දෙනෙකුම විදේශිකයින්. සෙසු දෙදෙනා නේපාල ජාතිකයින් වනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු, ජර්මානු ජාතිකයෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු වන තවත් කඳු නගින්නන් මිය ගිය පිරිසට ඇතුළත්. එක්වරම ඇති වූ හිම කුණාටුවට කඳු නගින්නන් 12 දෙනෙකු සහ දේශීය මාර්ගෝපදේශකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් හසුවී තිබුණා. ඒ අතරින් නේපාල මාර්ගෝපදේශකයින් පස් දෙනා තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.