Published
හුංගම ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හා ආධාර අනුබල දුන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත හුංගම, අඳුපැලෑන හා රන්න ප්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හුංගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 27 හා 33 වයස්වල පසුවන රන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය 35 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරියක් බවයි පොලිසිය පැවසුවේ.
එම අපරාධයට යොදා ගත් මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, මන්නා පිහි 02ක්, බෝර 12 වර්ගයේ සජීව පතරොමක් හා බෝර 12 වර්ගයේ හිස් පතරොමක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.




