Published
හුංගම පොලිස් වසමේ ගංවතුර ගම්මානයට හැරෙන හන්දිය අසලදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.
හුංගම පොලීසිය පැවසුවේ මරණකරු 36 හැවිරිදි දකුණු – බටඅත, හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
ඝාතනයට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඝාතනයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.
මෘත ශරීරය පිළිබඳ අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.