කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සති ගණනාවක් පුරා කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා.

ඒ, ජාතික ජන බලවේගය මෙන්ම සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම්ද කොළඹ මහනගර සභාවේ බලය තහවුරු කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක නිරත වීම හේතුවෙන්.

කාලයක් පුරා කතාබහට ලක් වන මෙම මාතෘකාවේ අවසන් ප්‍රතිඵලය හෙට දිනයේ තීරණය වීමට නියමිතව තිබෙනවා.

හෙට පැවැත්වීමට නියමිත කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ රැස්වීම සම්බන්ධයෙන් පවතින සූදානම කෙබඳුද?

නෙත් නිවුස් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් විමසීමක් කළා.

කොළඹ බලය තහවුරු කිරීමේ සූදානම පිළිබඳ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතාද නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවා.