හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් ප්රවීණ ගායන ශිල්පිනී, කලාශූරී ලතා වල්පොල මහත්මිය ඊයේ දිනයේ අභාවප්රාප්ත වුණා. මියයන විට ඇය 91 වන වියේ පසු වුණා.
1934 වසරේදී ගල්කිස්සේදී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේදී පළමු ගායනය ඉදිරිපත් කළේ වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.
ඇය මේ වනවිට ගීත දස දහසකට අධික ප්රමාණයක් ගායනා කර තිබෙනවා. ඒ අතර විදෙස් භාෂා ගීත ද අයත්.
සිනමාවේ සදාකාලික “ගී රාජිනිය” ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා තිබෙනවා.
1953 වසරේ දී ‘එදා රෑ’ චිත්රපටයෙන් ඇය සිනමා පසුබිම් ගායනයට පිවිසියා.
පසුගිය දශක කිහිපය තුළ ලතා වල්පොල මහත්මිය චිත්රපටි 600කට අධික ප්රමාණයකට තම හඬ දායකත්වය ලබාදී තිබෙනවා.
මේ අතර අභාවප්රාප්ත ලතා වල්පොල මහත්මියගේ දේහය අද පස්වරු 03.00 සිට මහජන ගෞරවය සඳහා කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කරන බවයි ලතා වල්පොල මහත්මියගේ පවුලේ ඥාතියෙකු වන මහින්ද බණ්ඩාර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.




