ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේචින් ආයතනය සිය නව ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව සී.සී.සී. ප්ලස්  (CCC+)  තත්ත්වයට ඉහළ දමා තිබෙනවා.

එම නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේදීයි.

මහ බැංකුව සතු සංචිත ප්‍රමාණය ඉහළ යාම, විදේශ විනිමය අනුපාත ස්ථාවර මට්ටමක පැවතීම, පොලී අනුපාත පහළ මට්ටමක පවත්වාගෙන යාම ආදී කරුණු ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල යළි ඉහළ තත්ත්වයකට පත්වීමට හේතු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.