Published
මාසිකව සිදු කරනු ලබන මිල සූත්‍රයට අනුව සිපෙට්කෝ ඉන්ධනවල සිල්ලර මිල ගණන් මෙම මාසයේ වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව අගෝස්තු මාසයේදී පෙර පැවති මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන බවයි එම සංස්ථාව සඳහන් කළේ.
එවන් පසුබිමක් තුළ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 289කටත්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325කටත් තවදුරටත් අලෙවි කෙරෙනවා.
ලංකා භූමිතෙල් ලීටරයක් අලෙවි වන්නේ පෙර පැවති රුපියල් 185ක මිලටයි.
ඊට අමතරව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 341කටත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 305කටත් අලෙවි කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ.