Published
උක් ගොවීන්ට අදාල ගෙවීම් සිදු කිරීම සෙවනගල සහ පැල්වත්ත සීනි සමාගම් විසින් ආරම්භ කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සිදුවූ කඩාකප්පල්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පැවසුවේ.
සෙවනගල සීනි සමාගමට උක් සපයන ගොවීන්ගේ අස්වැන්න ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දැක්වූවා.
පවතින තත්ත්වය හමුවේ උක් ප්‍රවාහනය සඳහා යුද හමුදාව සූදානමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.




