දිට්වා සුළි කුණාටුවෙන් සහ පැවති ගංවතුරෙන් විපතට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමින් පවත්වාගෙන යාම සදහා වෛද්‍ය කදවුරු පැවැත්වීමට ජාතික ලොතරැයි මණ්ඩලය සිය අනුග්‍රාහක දායකත්වය ලබාදී තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම් ඩී සී ඒ පෙරේරා මහතා පැවසුවේ එම ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් හංවැල්ල, පාදුක්ක, කලුඅග්ගල, පුවක්පිටිය, අවිස්සාවේල්ල සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් එලෙස අනුග්‍රාහක දායකත්වය ලබාදුන් බවයි.

ඒ, සීතාවක ප්‍රාදේශීය සභාව විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව එම සෞඛ්‍ය කදවුරු සදහා අවශ්‍ය උපකරණ නිල වශයෙන් ලබාදීම ඊයේ දිනයේ කොළඹ කොටුව ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදි සිදුවුණා.

කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ මාර්ග ආරක්‍ෂාව පිළිබදව “තවත් ටිකක් පරිස්සමෙන්” ව්‍යාපෘතියට ද ජාතික ලොතරැයි මණ්ඩලය පසුගියදා සිය අනුග්‍රාහක දායකත්වය ලබාදුන්නා.