දශක 06කට වඩා වැඩි කාලයක් පාරිභෝගිකයින්ගේ විශ්වාසය තහවුරු කළ ජාතික ලොතරැයි මණ්ඩලය සිය ප්‍රථම ත්‍යාගලාභී පිරිසක් සඳහා රුපියල් දෙකෝටි දස ලක්ෂයක මුදලක් ලබා දීමේ උත්සවයක් අද පවත්වා තිබෙනවා.

ඒ, කුරුණෑගල, වයඹ පළාත් සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේදීයි.

ඊයේ දිනයේද ජාතික ලොතරැයි මණ්ඩලය විසින් සිය ප්‍රථම ත්‍යාගලාභී පිරිසක් සඳහා රුපියල් එක් කෝටි අසූ පන් ලක්ෂයක මුදලක් ප්‍රදානය කර තිබුණා.