Published
ජාතික ලොතරැයි මණ්ඩලය, 2025 වර්ෂයේ අපේක්ෂිත ආදායම් ඉලක්කය මාස 10කින් ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙම වර්ෂයේ මූලික ආදායම් ඉලක්කය වූයේ රුපියල් බිලියන 40ක්.
2024 වර්ෂයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ආදායම වූයේ රුපියල් බිලියන 37යි දශම 8ක්. ආදායම් ඉලක්කය මාස 10ක් තුළ අබිබවා යාමට දායක වූ සැමට ජාතික ලොතරැයි මණ්ඩලය සිය ප්රණාමය පුද කරනවා.




