මෙරට සුප්‍රකට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා නායකත්වය දරණ හේලීස් සමාගම් සමූහය විසින් ලයිස්තුගත හරිස්චන්ද්‍ර මිල්ස් පී.එල්.සී. සමාගමේ 40% ක කොටස් මිලදීගත් බව අනාවරණය වනවා.
ඔක්තෝම්බර් 17 වෙනිදා මෙම කොටස් මිලදීගැනීම සිදුකර තිබෙන්නේ සෙන්තිල්වේල් හෝල්ඩින්ග්ස් සමාගම මගිනි.
මෙහිදී, හෙළිවන්නේ ආචාර්ය ටී. සෙන්තිල්වේල් මහතා සතුව තිබූ හරිස්චන්ද්‍ර මිල්ස් පී.එල්.සී. සමාගමේ 40% ක කොටස් මෙසේ විකුණා දැමූ බවයි.
මෙහිදී, එකක් රුපියල් 3,300ක් බැගින් කොටස් 778, 946 ක් ගනුදෙනු වී ඇති බවයි සදහන් වන්නේ.
ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 2.57 කට ආසන්න වනවා.
1943 වසරේ බ්‍රිතාන්‍යය පාලන සමයේදී සී.ඒ. හරිස්චන්ද්‍ර නම් ව්‍යවසායකයා මාතර පර්චස් 20 ක ඉඩමක හරිස්චන්ද්‍ර ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.
එකල සහල්, මිරිස්, කුරක්කන් පිටි කිරීම සඳහා ආරම්භ කළ මෙම ව්‍යාපාරය 1983 දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලයිස්තුගත කරන ලදී.
ලංකාවේ ඉතාමත් කීර්තිමත් සන්නාමයක් වන හරිස්චන්ද්‍ර හඳුන්වන්නේ ඔබේ නිවසේ පුරෝගාමී සන්නාමය (The legendary household brand) ලෙසයි.
ධම්මික පෙරේරා මහතා නායකත්වය ලබාදෙන ආයෝජන සමාගම් මගින් පසුගිය කාලයේදී ලාෆ්ස් හෝල්ඩින්ග්ස් සහ East West Properties PLC සමාගම්වල කොටස් මිලදී ගැනීමටද කටයුතු කර තිබෙනවා.




