රයිගම් ටෙලීස් - 2025 මෙවර ද අභිමානවත් ලෙස සංවිධානය කිරීමට තීරණය කර තිබෙනවා.
මෙවර රයිගම් ටෙලීස් පැවැත්වෙන්නේ 22 වන වරටයි.
2025 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සංවිධාන කරන රයිගම් ටෙලීස් උලෙළේ කටයුතු ඉකුත්දා ආරම්භ වුණා.
ඒ අනුව 2026 ජනවාරි 15 වනදා දක්වා එම සම්මාන උලෙළ සදහා අයදුම්පත් භාරගන්නා අතර සම්මාන රාත්‍රිය 2026 මාර්තු 28 වනදා පැවැත්වීමට නියමිතයි.
මේ අතර රයිගම් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කරන ලද “මිස්ටර් මිසිස්” චිත්‍රපටය නොවැම්බර් 20 වනදා සිට දිවයින පුරා සිනමා ශාලාවලදී ප්‍රදර්ශනය කරනවා.
සිනහව සහ කුතුහලය පිරුණු පිය සෙනෙහසක කතාව පාදක කර ගනිමින් මිස්ටර් මිසිස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ චරිත් අබේසිංහයි.
“මිස්ටර් මිසිස්” චිත්‍රපටය ගිරිරාජ් කෞෂල්‍යගේ තිර රචනයක්.
එම චිත්‍රපටයේ මංගල දර්ශන වාරය වැල්ලවත්ත සැවොයි සිනමාහලේදි පසුගියදා ප්‍රදර්ශනය කෙරුණා.




