Published
ශ්‍රී ලංකාවේ පළමු වරට අමෙරිකානු ඩොලර් බිලියන 1.05 වත්කම් සීමාව ඉක්ම වූ එකම වන වගා සමාගම බවට පත් වූ සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම සිය 23 වන සංවත්සරය අභිමානවත් අයුරින් පසුගියදා සමරනු ලැබුවා. මෙරට පමණක් නොව ජාත්‍යන්තරද ජයගත් සමාගමක් ලෙස පත්ව සිටින සිය සමාගම ගණුදෙනුකරුවන්ගේ විශ්වාසය ඉදිරියේත් ආරක්‍ෂා කිරීමට කැපවී සිටින බවයි 23 වන සංවත්සරයට එක්වෙමින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි දිනේෂ් නිරෝෂන් මානවඩු මහතා පැවසුවේ.