ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා අයතනයක් වන සියපත ෆිනෑන්ස් ආයතනයේ 61වන ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගියදා විවෘත කෙරුණා.

ඒ, අංක 48 ඊ, හීලෝගම පාර, නිකවැරටිය යන ලිපිනය දරණ ස්ථානයේයි.

සියපත ෆිනෑන්ස් නිකවැරටිය ශාඛාව මගින් නිකවැරටිය ප්‍රදේශය ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, තරුණ තරුණියන් ඇතුළු සියලු ජනතාවට ලීසිං ව්‍යාපාර හා පුද්ගලික ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් ලබා ගත හැකියි.

ස්මාර්ට් පේ බිල්පත් ගෙවිමේ සේවාවද එහි ක්‍රියාත්මකයි.