Published
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කරගෙන අනුරාධපුරයට පැමිණෙන වන්දනාකරුවන්ට සහය වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, විශේෂ වැඩසටහනක් සූදානම් කර තිබෙනවා. ඒ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්වෙමින්.
මෙම විශේෂ වැඩසටහන හෙට දිනයේ සිට 11 වනදා දක්වා අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං වූ පුද්ගලයින් සහ අස්ථානගත වූ භාණ්ඩ සොයා දීමට පැය 24 පුරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන පිවිසුම් මධ්‍යස්ථානය පිහිටුවා තිබෙනවා.
එමෙන්ම පෙත්මගහි හමුවන උප මධ්‍යස්ථාන 05ක් මහමෙව්නා උයන, සිංහ කුළුණ, මිරිසවැටිය, ථූපාරාමය සහ සඳ හිරු සෑය යන පූජා භූමිවල ස්ථාපිතයි.
මීට අමතරව බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ රෝද පුටු සේවාවක්ද ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පියවර ගෙන තිබෙනවා.