Published
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය විසින් වසර 25කට වැඩි කාලයක් අනුමත කරන ලද හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි විශ්වාසනීය මුඛ සත්කාරක සන්නාමය වන ‘ක්ලෝගාර්ඩ්’ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සඳහා සන්නාමයේ දිගු කාලීන කැපවීම නැවත තහවුරු කර තිබෙනවා.
ජාතික සහ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන උසස් තත්ත්වයේ ක්ලෝරයිඩ් සහිත මුඛ සත්කාරක විසඳුම් ලබා දීම සඳහා සන්නාමයේ නොසැලෙන කැපවීමට මෙම දිගු කාලීන අනුමැතිය සාක්‍ෂි දරන බවයි හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කාණ්ඩ අංශ ප්‍රධානී මේධාවි ජයරත්න මහත්මිය පැවසුවේ.