සියනෑ පොත් මිතුරෝ සහෘද සංගමය සහ ගාල්ල මහ නගර සභාව එක්ව සංවිධානය කරනු ලබන “ගාලු පොත් වසන්තය” හෙට උදෑසන 09 සිට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ආරම්භ වන බව සියනෑ පොත් මිතුරෝ සහෘද සංගමයේ සභාපති නිශාන්ත වික්‍රමතිලක මහතා පවසනවා.

ඔහු පැවසුවේ ගාලු පොත් වසන්තය දින 07ක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බවයි.

මෙවරත් “ගාලු පොත් වසන්තය” සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.