Published
2024 වසරේ මුල් මාස 06ට සාපේක්ෂව ජාතික ලොතරැයි මණ්ඩලයේ 2025 වසරේ මුල් මාස හයේ ආදායම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආදායම වැඩිවී ඇත්තේ රුපියල් බිලියන 4.9කින්. 2025 වසරේ මුල් මාස හයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 22ක්. අදාල කාලය තුළ ලොතරැයි ජයග්රහාකයින්ට ගෙවන ලද තෑගි මුදල ද රුපියල් බිලියන 2.4 ඉහළ ගොස් තිබෙනවා. ලොතරැයි අලෙවිකරුවන්ට ගෙවනු ලබන කොමිස් මුදල ද රුපියල් බිලියනයකින් ඉහළ ගොස් ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසනවා.